bmv_ict_sccess_story_DSC04470
මාසයක් විතර තිස්සේ අපි කරපු වැඩේ ඉවරයක් දැක්කා අපි පහුගිය පෙබරවාරි 26 වෙනිදා. මේ වැඩේ පටන් ගත්ත වෙලේ ඉඳං මගෙත් එක්ක හිටිය සියළුම දෙනාට අනේක වාරයක් ස්තූතියි.මාරයා අයියා නම් මාරම මාරයි. මේ වැඩේ ඉවර වෙනකොට අපිට අපේ පරිගණක විද්‍යාගාරය නැති උන එක ගැන නම් ගොඩක් දුකයි. ඒත් ළමයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ගොඩ දාන්ඩ මට තියෙන උවමනාව නැති නමුත් මට වඩා උවමනාවක් තියෙන්ඩ ඕන අය පුද්ගලික මත වලින් පිරිස් පාලනය කරද්දී අපිට කරන්න පුළුවන් දෙයක් නෑ.
අනික අවසාන මේසෙදී මං නිකංම නිකං උපගුරු වරයෙක් විතරයි. තොරතුරු තාක්ෂණය සහ ඒකේ ප්‍රෙයාජන කියලා රචනාවක් හරියට ලියන්ඩ දන්නේ නැති හෝ ඕන නැති කට්ටියට අපි මේ කරපු වැඩ ටික හීනයක් වගේ. මං ඇත්තටම හරිම දුකින් ඉන්නේ. ඉස්කොලෙට එන්ඩ කලිං මං ක්‍රියාකාරී කොල්ලෙක්. මට කම්මැලියෙක්,කල්මරන්නෙක් වෙන්ඩ කියලා ඉගෙන ගන්ඩ ඉස්කොලෙකටම එන්ඩ උන එක ගැන ගොඩක් දුකයි. කිසිම දාක අපේ රටේ මිනිස්සු අපි වගේ මිනිස්සුන්ට පාඩුවේ වැඩක් කරං යන්ඩ දෙන්නේ නෑ. පහුගිය අවුරුදු පහටම මං හිටපු මානසික පීඩනය කියලා නිම කරන්ඩ බෑ.ඒ වෙන මුකුත් නිසා නෙවෙයි. මෙච්චර වැඩක් කරන ගමන් මාව මොනාට හරි කොටු කරගන්ඩ නොදී ඉන්ඩ මාරම වෙහෙසක් ගන්ඩ උනා. හිතවත් අය කියලා ජාතියක් ඉන්නවා නං ඒ මේ වෙබ් අවකාෂයේදී මට මුණ ගැහුන මං කිසිදා නොදුටු මිනිසුන් ටික දෙනා විතරයි.
කොහොම හරි තවත් තොරතුරු තාක්ෂණයේ ඵල නෙලාගත් එක කතාවක් මෙහෙම අවසන් වෙනවා. මට උදව් කරපු හැමදෙනාටමත් මේ වැඩේ කරලා ඉවර වෙනකල් මං එක්ක තාත්ත කෙනෙක් වගේ හිටිය මාරයා අයියටත් ගොඩක් ස්තූතියි. සන්ධයා දැං හිනා වෙනවා. ඒ හිනහව වෙනදාට වඩා සැහැල්ලුයි කියලා මට හිතෙනවා.